Supermoon

A supermoon is a new or full moon that occurs when the moon is at its closest point in its elliptical orbit around Earth. During a supermoon, the moon appears slightly brighter and larger in the sky than during a normal full moon. The average distance between the Earth and the Moon is approximately 384,400 km, and in a supermoon this can be as close as 356,000 km, making it up to 14% larger and up to 30% brighter.
In 2024, four supermoons appeared across the sky. Each of them has a specific name, and the super moons are as follows:
August 1, 2024: Sturgeon Supermoon The first supermoon of 2024 is the “Sturgeon Supermoon.” This moon got its name because of the sturgeon fish that are common in the big lakes during this month. It was the first of two supermoons in August. The distance between this supermoon and Earth was approximately 357,530 km.
August 31, 2024: Blue Moon The second supermoon in August 2024 will be a rare “Blue Moon.” The approximate distance between this moon and the earth was about 357,344 km.
September 29, 2024: Harvest Supermoon This supermoon is often referred to as the “Harvest Supermoon.” The reason why this moon is called so is because it is the moon closest to autumn. The distance between this supermoon and Earth was approximately 359,911 km.
October 17, 2024: Hunter’s Supermoon The last supermoon of the year is known as Menamin, as this time begins the period of hunting and storing food for the winter. The distance between this supermoon and Earth was approximately 360,464 km.
***
සුපිරි සඳ
සුපිරි සඳක් යනු පෘථිවිය වටා ඇති ඉලිප්සාකාර කක්ෂයේ චන්ද්‍රයා එහි ආසන්නතම ස්ථානයේ ඇති විට ඇතිවන නව හෝ පූර්ණ චන්ද්රයකි. සුපිරි සඳකදී, චන්ද්‍රයා සාමාන්‍ය පුර පසළොස්වක දිනට වඩා තරමක් දීප්තියෙන් හා විශාලව අහසේ දිස්වේ. පෘථිවිය සහ සඳ අතර සාමාන්‍ය දුර ප්‍රමාණය දළ වශයෙන් 384,400km ක් වන අතර, සුපිරි සඳකදී මෙය 356,000kmක් පමණ ආසන්න විය හැකි අතර එය 14%ක් දක්වා විශාල වන අතර 30%ක් දක්වා දීප්තිමත්ව දිස්වේ.
2024 දී අහස හරහා සුපිරි සඳ හතරක් දිස්විය. ඒ සෑම එකකට ම නිශ්චිත නමක් ඇති අතර එම සුපිරි සඳවල් පහත පරිදි වේ.
2024 අගෝස්තු 1: Sturgeon Supermoon
2024 පළමු සුපිරි සඳ “Sturgeon Supermoon” වේ. මෙම මාසය තුළ විශාල විල්වල බහුලව දක්නට ලැබෙන ස්ටර්ජන් මාළු නිසා මෙම සඳට එහි නම ලැබුණි. එය අගෝස්තු මාසයේ ඇති වූ සුපිරි සඳ දෙකෙන් පළමුවැන්නයි. මෙම සුපිරි සඳ සහ පෘථිවිය අතර දුර ආසන්න වශයෙන් 357,530 km පමණ විය.
2024 අගෝස්තු 31: Blue Moon
2024 අගෝස්තුවේ දෙවන සුපිරි සඳ දුර්ලභ “Blue Moon” වේ. මෙම සඳ හා පෘථිවිය අතර දුර ආසන්න වශයෙන් 357,344 km පමණ විය.
2024 සැප්තැම්බර් 29: Harvest Supermoon
මෙම සුපිරි සඳ බොහෝ විට හඳුන්වනු ලබන්නේ “Harvest Supermoon” ලෙසයි. මෙම සඳ එසේ හැඳින්වීමට හේතුව වන්නේ එය සරත් සමයට ආසන්නතම චන්ද්‍රයා වන බැවිනි. මෙම සුපිරි සඳ සහ පෘථිවිය අතර දුර ආසන්න වශයෙන් 359,911 km පමණ විය.
2024 ඔක්තෝබර් 17: Hunter’s Supermoon
මේ කාලය වන විට ශීත ඍතුව සඳහා දඩයම් කිරීම සහ ආහාර ගබඩා කිරීමේ කාල පරිච්ඡේදය ආරම්භ කරන බැවින්, වසරේ අවසාන සුපිරි සඳ මෙනමින් හැඳින් වේ. මෙම සුපිරි සඳ සහ පෘථිවිය අතර දුර ආසන්න වශයෙන් 360,464 km පමණ විය.
🌕♥️🇬🇦
#Star_note
#A3S
#RRCK
#Ranabima_astro




